ඩෙංගු අංශය
වර්ග කි.මි 192 ක් වන මීරිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 149 කින් සමන්විතය. ජනගහනය 170000ක් පමණ ජීවත් වන අතර පවුල් 43694 ක් වේ.මීරිගම නගරය ප්‍රධාන කරගනිමින් ,පල්ලේවෙල, කීණවල, පස්යාල, කල්එළිය, මල්ලැහැව, වේවැල්දෙණිය , දංඕවිට ,අඹේපුස්ස, කීණදෙනිය, කණ්ඩලම, ලෝලුවාගොඩ , බාඳුරාගොඩ යන උප නගර වලින් ප්‍රෙදේශය සමන්විත වේ.
ප්‍රාදේශීය සභාවට මහජනතාව ගෙවන බදු මුදලින් උපරිම සේවයක් සැපයීම අපගේ පරම යුතුකම වන අතර බල ප්‍රාදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා මේ දින වල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රොග වසංගතය මර්ධනය කිරීම අපගේ බලාපොරොත්තුව වේ.දෛනිකව විවිධ ප්‍රදේශ අරමුණු කරගනිමින් ඩෙංගු මර්ධන
>අරමුණු :- ප්‍රාදේශිය වශයෙන් සීඝ්‍රෙයන් ව්‍යාප්ත වන ඩෙංගු රොගය බෝවන ස්ථාන හදුනා ගැනීම
- ඩෙංගු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම
- මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිමට කටයුතු කිරීම සහ උපදෙස් දීම
- දිනපතා පරිසරය පිරිසිදු තබා ගැනීමට ජනතාව හුරු කිරීම
- පරිසරය අපිරිසිදුව තබා ගන්නා අයට විරුද්දව නීතිමය පියවර ගැනීම
- ඩෙංගු රෝගය ප්‍රාදේශීය මට්ටමින් තුරන් කිරීම
- ජනතාවට සුබවාදී පරසරයක් නිර්මාණය කිරීම
- ප්‍රාදේශීය මට්ටමින් පමණක් නොව ජාතික මට්ටමින් මේ කටයුත්ත සඳහා දායක වීම. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
2014.04.01 දින සිට 2014.10.01 දක්වා කාල පරිච්ඡේදයෙදි ප්‍රධාන නගර වන,පල්ලේවෙල, කීණවල, පස්යාල, කල්එළිය, මල්ලැහැව, වේවැල්දෙණිය, දංඕවිට හා උප නගර වන, අඹේපුස්ස, කීණදෙනිය, කණ්ඩලම, ලෝලුවාගොඩ , බාඳුරාගොඩ, නාල්ල. පිරිසිදු කිරීමේ කටයුතු ද නගර හා උපනගර අශ්‍රිත ප්‍රදේශ වල පිරිසිදු කිරීමේ කටයුතු ද ක්‍රියාත්මක කිරීම සඳහා වේ.
මීරිගම ප්‍රාදේශීය සභාවේ පරිසර හා සෞඛ්‍ය අංශයේ ඉහත සේවා පිළිබද ඔබගේ ගැටඵ ප්‍රධාන 0332273206 දුරකථන අංක මගින් හෝ mirigamaps@gmail.com විද්‍යුත් ලිපිනයෙන් විමසීම් කල හැකිය.